Jump to content

ස්කැන්ඩියම්

විකිපීඩියා වෙතින්
11:02, 27 නොවැම්බර් 2011 වන විට Malithmuditha (සාකච්ඡාව | දායකත්ව) විසින් සිදු කර ඇති සංශෝධන

ස්කැන්ඩ්යම්

ස්කැන්ඩියම් පරමාණුක ක්‍රමාංකය 21 වු Sc සංකේතයෙන් හදුන්වනු ලබන මූලද්‍රව්‍යකි. රිදීපැහැති-සුදු සංක්‍රමනික මූලද්‍රව්‍යයක් වන එය ඉතිහාසයේ සමහර අවස්ථා වලදී යිට්‍රියම් සහ ලැන්තනයිඩ් සමග දුලබ පාංශු මූලද්‍රව්‍යයක් ලෙස වර්ග කර ඇත. එය ස්කැන්ඩිනාවියා වල අන්තර්ගත යුක්සෙනයිට් සහ ගැඩොලිනයිට් ලෝහ වල වර්ණාවලි විශ්ලෙශනය මගින් 1879 දී සොයා ගන්නා ලදී.

දැනට ස්කැන්ඩියම් ලෝහය බොහෝ තැන්පතු දුලබව පාංශු සහ යුරේනියම් සමග සම්මිශ්‍රණය වී පවතී. නමුත් ලෝපස් වලින් මෙම ලෝහය වෙන්කරගනු ලබන්නේ ලෝකයේ ඉතා සුළු පතල් සංඛ්‍යාවකිනි. මක්නිසාදයත් එය ඉතා දුලබ වීමත් ස්කැන්ඩියම් ලෝහය වෙන්කර ගැනීමට ඉතා දුෂ්කර වීමත් නිසාය. එය මුලින්ම කරනලද්දේ 1937 දී වන අතර ස්කැන්ඩියම් වල භාවිතයන් දියුනු වීමටත් පෙර, 1970 වන තුරුම එය කරන ලදී. ස්කැන්ඩියම් සොයගැනීමේ සුබවාදී ප්‍රතිපලයක් වශයෙන් 1970 දී ඇලුමීනියම් මිශ්‍ර ලෝහය සොයාගන්නා ලදී.

ස්කන්ඩියම් ලෝහය සාදන සංයෝග වල ගුණ සැලකීමේදී එය ඇලුමීනියම් සහ යිට්‍රියම් සාදන සංයෝග අතර මධ්‍යස්තව පවතී. ස්කැන්ඩියම් සහ මැග්නීසියම් ලෝහය අතර හැසිරීමෙහි හරස් සම්බන්ධයක් පවතී. 3 වන කාණ්ඩයේ මූලද්‍රව්‍ය සාදන සංයෝග සැලකීමෙදී ස්කැන්ඩියම් වල ප්‍රධාන ඔක්සිකරණ තත්වය වන්නේ +3 ය.

ගුණ

මූලද්‍රව්‍යයේ රසායනික ලක්‍ෂණ

ස්කැන්ඩියම් ලෝහය රිදීපැහැති පෙනුමක් ඇති මෘදු ලෝහයකි. එය වාතය සමග සාදන ඔක්සිඩය තරමක් කහ පැහැති හෝ රතු පැහැති වර්ණයක් ගනී. එය වතයේ ස්තයි වන අතර තනුක අම්ල වල යන්තමින් දියවේ. එහි නිර්මාණය වී ඇති විනිවිද නොයන නිෂ්ක්‍රීය පටලය හේතුවෙන් එය නයිට්‍රික් අම්ල (HNO3) 1:1 මිශ්‍රාණය හයිඩ්‍රොෆ්ලුඔරික් අම්ලය (HF) සමග ප්‍රතික්‍රියා නොකරයි.

සමස්ථානික

ස්කැන්ඩියම්හි ස්වාභාවිකවම S45 සමස්ථානිකයෙහි පවතී.

"https://si.wikipedia.org/w/index.php?title=ස්කැන්ඩියම්&oldid=184176" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි