Jump to content

ප්‍රෝටෝනය

විකිපීඩියා වෙතින්
(Proton වෙතින් යළි-යොමු කරන ලදි)

ප්‍රෝටෝනය (ඉංග්‍රීසි:  Proton), ධන 1ක මූලික ආරෝපණයක් ඇති උප පරමාණුක අංශුවකි. පරමාණුක න්‍යෂ්ටියක් තුළ ප්‍රෝටෝන එකක් හෝ වැඩි ගණනක් ඇත. ප්‍රෝටෝනයේ ස්කන්ධය 1.672621777(74)×10−27 kg වේ.[1] ප්‍රෝටෝනය සොයාගනු ලැබුවේ අර්නස්ට් රදෆර්ඩ් විසිනි.

ප්‍රෝටෝනය ස්ථායී අංශුවකි. සමහර විරල මාදිලියේ විකිරණශීලී ක්ෂය වීම�� වලදී නිදහස් ප්‍රෝටෝන මුක්ත වේ. මෙම නිදහස් ප්‍රෝටෝන වහා ඉලෙක්ට්‍රෝනයක් සමඟ සබැඳී හයිඩ්‍රජන් පරමාණුවක් සාදයි. පදාර්ථයේ ප්ලාස්මා අවස්ථාවේදී සහ රික්තයක ගමන් කරන අන්තරීක්ෂ කිරණ ලෙස ද නිදහස් ප්‍රෝටෝන පැවැතිය හැකි ය.

ප්‍රෝටෝනය සෑදී ඇත්තේ මූලික අංශු 3ක් එක් වීමෙනි: උඩු-අත් ක්වාක් අංශු (up quark) 2ක් සහ යටි-අත් ක්වාක් අංශුවක් (down quark). එහි විෂ්කම්භය ආසන්න වශයෙන් 16-17fm පමණ වේ.[2]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ "CODATA value: proton mass". 2010 CODATA recommended values. National Institute of Standards and Technology. සම්ප්‍රවේශය 2011-06-24.
  2. ^ W.N. Cottingham, D.A. Greenwood (1986). An Introduction to Nuclear Physics. Cambridge University Press. p. 19.
"https://si.wikipedia.org/w/index.php?title=ප්‍රෝටෝනය&oldid=403408" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි