Jump to content

නැක්සලයිට්

විකිපීඩියා වෙතින්

නැක්සලයිට්වරු හෙවත් නැක්සල්වාදීන් යනු ඉන්දියාවේ මාවෝවාදීන් සඳහා යෙදෙන පොදු නමකි. මෙම නම යෙදීමට හේතු වූයේ, මාවෝවාදීන්ගේ නායකත්වය යටතේ ඉන්දියාවේ නැක්සල්බාරි ප්‍රදේශයේ ඇතිවූ ගොවි කැරැල්ලකි...

1964 වසරේදී ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය දෙකඩ විය. සෝවියට් පාක්ෂික කොමියුනිස්ට් පක්ෂයෙන් ඉවත් වූ කණ්ඩායමක් ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය (මාක්ස්වාදී) පිහිටුවා ගත් හ. එම පක්ෂය චීනයට පක්ෂ කණ්ඩායමක් ලෙස හඳුන්වා දෙන ලදී. නමුත් කෙටි කලකින් මෙම පක්ෂයේ ද බෙදීමක් ඇතිවිය. වඩා රැඩිකල් කොටස්, තම පක්ෂය මැතිවරණවලට තරඟ කිරීමට ගත් තීර��ය විවේචනය කළහ. ඔවුන් බලාපොරොත්තු වූයේ මාවෝ සේතුංගේ යුධ දර්ශනයට අනුව, ග්‍රාමීය දුගී දුප්පත් ගොවි ජනතාව ප්‍රමුඛ කොට ගත් බලවේග සමඟ එක්ව, විප්ලවයකින් ධනපති ක්‍රමය බිඳ දැමීමයි.

1967 වසරේදී මෙම කණ්ඩායම විසින් සමස්ත ඉන්දියානු කොමියුනිස්ට් විප්ලවවාදීන්ගේ සම්බන්ධීකරණ කමිටුව (All India Coordination Committee of Communist Revolutionaries - AICCCR), පිහිටුවා ගන්නා ලදී. AICCCR හි අරමුණ වූයේ නව විප්ලවවාදී පක්ෂයක් ගොඩ නැගීමයි. මේ අතර මෙම රැඩිකල්වාදීන්ගේ මෙහෙයවීමෙන් 1967 දී නැක්සල්බාරි කැරැල්ල ඇති විය. මේ අනුව මෙම රැඩිකල් කොමියුනිස්ට්වාදීන් නැක්සල්වරුන් ලෙස පතල වූහ.

1969 දී, චාරු මසුම්දර්ගේ නායකත්වයෙන් ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය (මාක්ස් ලෙනින්වාදී) පිහිටුවා ගන්නා ලදී. ඉන්දියාවේ වර්තමානයේ ක්‍රියාත්මක හා අතීතයේ ක්‍රියාත්මක වූ නැක්සල්වාදී කණ්ඩායම්වලින් දෙක තුනක් හැරුණු විට අනෙක් සියල්ලේම මූලය ඇත්තේ මෙමෙ පක්ෂයේ ය.

"https://si.wikipedia.org/w/index.php?title=නැක්සලයිට්&oldid=469522" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි