Jump to content

විකිපීඩියා:මධ්‍යස්ථ දෘෂ්ඨිය

විකිපීඩියා වෙතින්

මධ්‍යස්ථ දෘෂ්ඨිය යනු මූලික විකිමාධ්‍ය මූලධර්මයක් සහ විකිපීඩියාවේ ප්‍රධාන ප්‍රතිෂ්ඨාවන් අතුරින් එකකි. සියළු විකිපීඩියා ලිපි සහ අනෙකුත් විශ්වකෝෂ අන්තර්ගතය ලිවිය යුත්තේ මධ්‍යස්ථ දෘෂ්ඨියකින් විය යුතු අතර, විශ්වාසනීය මූලාශ්‍රයන් විසින් පල කොට ඇති සියළු වැදගත් අදහස් සාධාරණ ලෙසත්, සහ හැකි තරම් පක්ෂග්‍රාහීත්වයෙන් තොරව, නිරූපණය විය යුතුය. මෙය ගණුදෙනු කල නොහැකි හා සියළු ලිපි වල තිබේ යැයි බලාපොරොත්තු වන්නාවූ හා සියළු ලිපි සංස්කාරවරුන් වෙතින් බලාපොරොත්තු වන්නාවු ගුණාංගයකි. මධ්‍යස්ථ දෘෂ්ඨිය හා අනුකූල වන්නාවූ ලිපියක් තැනීම පිළිබඳ උපදෙස් සඳහා, මධ්‍යස්ථ දෘෂ්ඨිය පාඩම බලන්න; මෙම ප්‍රතිපත්තිය පිළිබඳ ඉතා ප්‍රධාන කරුණු විදහාදක්වන නිදසුන් හා පැහැදිලිකිරීම් සඳහා , Wikipedia:මධ්‍යස්ථ දෘෂ්ඨිය/නිඅපැ බලන්න.