Jump to content

IEEE

විකිපීඩියා වෙතින්

ඉතිහාසය IEEE

[සංස්කරණය]

IEEE යනු වෘත්තීයවේදී සංගමයකි එය එක්සත් ජනපදයේ නිව්යෝර්ක්හි 1963 දී රේඩියෝ ඉංජිනේරුවරුන්ගේ ආයතනයේ (IRE, 1912 දී ආරම්භ කරන ලද) හා විදුලි ඉංජිනේරුවරුන්ගේ ඇමරිකානු ආයතනයේ (AIEE, 1884 දී ආරම්භ කරන ලද) ඒකාබද්ධ කිරීම් මඟින් මෙය ආරම්භ වන ලදී.

AIEE හි මූලික උනන්දුව තිබුණේ රැහැන් සහිත සන්නිවේදනය (ටෙලිග්‍රාෆ් හා ටෙලිෆෝන්) හා ආලෝක හා ජව පද්ධති පිළිබඳවය. IRE වැඩි වශයෙන් සැලකිල්ලට බඳුන් කළේ රේඩියෝ ඉංජිනේරු විද්‍යාවයි. එය ආරම්භ වී තිබුණේ කුඩා සංවිධාන 2කින් වන අතර ඒවා රැහැන් රහිත හා ටෙලිග්‍රාෆ් ඉංජිනේරුවරුන්ගේ සංගමය හා රැහැන් රහිත ආයතනයයි. 1930 දශකයේ දී ඉලෙක්ට්‍රොනික් තාක්ෂණයේ දියුණුවත් සමඟ ඉලෙක්ට්‍රොනික ඉංජිනේරුවන් IRE හි සාමාජිකයන් බවට පත් වුණු නමුත් ඉලෙක්ට්‍රෝන නළ තාක්ෂණයේ යෙදීම් අතිශයින් විස්තීර්ණ වීමත් සමඟ IRE හා AIEE වෙන් කරන තාක්ෂණික සීමාවන් වෙන් කර ගැනීමට නොහැකි බවට පත් විය. දෙවන ලෝක යුද්ධයෙන් පසුව සංවිධාන දෙක ක්‍රමයෙන් තරඟකාරී වූ අතර 1961 දී IRE හා AIEE හි නායකත්වය විසින් සංවිධාන දෙක එකතු කිරීමට තීරණය කරන ලදී. 1963 ���නවාරි 1 වනදා මෙම සංවිධාන දෙක නිල වශයෙන් IEEE ලෙස ලෝකයා ඉදිරියට පැමිණුනි.

IEEE හා එය ඇති කිරීමට මූලික වූ සංවිධානවල කැපී පෙනෙන සභාපතිවරුන් අතරට එලිහු තොම්සන් (AIEE, 1889-1890) , ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම් බෙල් (AIEE, 1891-1892) , චාල්ස් ප්රෝටස් ස්ටෙයිම්මෙට්ස් (AIEE, 1901-1902) , ලී ඩි ෆොරස්ට් (IRE, 1930), ෆ්රෙඩ්රික් E. ටර්මන් (IRE,1941), විලියම් R. හෙවුලට් (IRE,1954), අර්නස්ට් වෙබර් (IRE, 1959; IEEE, 1963) , හා අයිවන් ගෙටිං (IEEE, 1978)

"https://si.wikipedia.org/w/index.php?title=IEEE&oldid=429634" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි